26.4 C
Galle

විදේශ ආයෝජකයෝ වැඩි වැඩියෙන් කොටස් මිල දී ගනිති

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ  අද (05) දිනයේ ගනුදෙනු 42,735ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,770ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 150ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 33,014ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 959
  • කමර්ෂල් බැංකුව රුපියල් මිලියන‍ෙ 281
  • ප්‍රයිම් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 210

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 14
  • ඒසීඑල් කේබල් සමාගම කොටස් මිලියන 09
  • ප්‍රයිම් ලෑන්ඩ් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 25 %
  • මයි ලෑන්ඩ් සමාගම 16%
  • හේලීස් ෆයිබර් සමාගම 10 %

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 382
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 337
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 324

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 216ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 128ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 87ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 92
  • ඇලුමැක්ස් සමාගම රුපියල් මිලියන 66
  • ඇක්සස් ඉන්ජිනියරින්  රුපියල් මිලියන 29

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • පික් මී සමාගම  රුපියල් මිලියන 21
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම  රුපියල් මිලියන 16
  • ලංකා මිල්ක්ෆුඩ් සමාගම රුපියල් මිලියන 14

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!