30.5 C
Galle

රටින් ගෙන්වන කිරිපිටි මිල අඩුකරයි

Published:

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල සිකුරාදා (16) සිට රුපියල් 125.00 කින් අඩු කිරීමට ආනයනකරුවන් තීරණය කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව  ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50.00 කින් අඩු කිරීමට නියමිතය.

ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල පහළයාම සැළකිල්ලට ගනිමින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

අමාත්‍යාංශය පැවසුවේ අප්‍රේල් මාසයේදී යළිත් කිරිපිටි මිල අඩු කිරීමට අපේක්ෂා කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!