28.9 C
Galle

ඇමෙරිකාව රටවල් 75ක් ගැන දැඩි තීරණයක් ගනී

Published:

ලෝකයේ රටවල් 75ක පුරවැසියන් සඳහා ඇමෙරිකාවට ඇතුළුවීම සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව අත්හිටුවීමට ඇමෙරිකාව තීරණය කර තිබේ. ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය විසින් මෙලෙස වීසා ලබාදීම අත්හිටුවා ඇත්තේ ඉරානය, රුසියාව, සෝමාලියාව සහ ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් 75කට ය.

වීසා ලබාදීම ජනවාරි 21 වැනි දින සිට අත්හිටුවන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත. එම දෙපාර්තමේන්තුව පවසන්නේ වීසා ලබාදීමේ දී සිදුකරන පරීක්ෂණ සහ තහවරු කිරීමේ ක්‍රියා පටිපාටිය නැවත සමලෝචනය කරන තෙක් මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වන බවයි.

Related articles

spot_img
error: Content is protected !!