28.9 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද ඉහළට

Published:

කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 51,253ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 9,819ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 182ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,806ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කලම්බු ඩොක්යාර්ඩ් සමාගම  රුපියල් මිලියන 2,657
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන‍ෙ 1,002
  • හේලීස් සමාගම රුපියල් මිලියන 680

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්සීබී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 22
  • කලම්බු ඩොක්යාර්ඩ් සමාගම කොටස් මිලියන 19
  • රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 16

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කලම්බු ඩොක්යාර්ඩ් සමාගම 25%
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 25%
  • පැරගන් සමාගම 22%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 389
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 365
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 327

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 135ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 186ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 51ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 17
  • රේණුක හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 11
  • ලංකා ලුබ්රිකන්ට් සමාගම  රුපියල් මිලියන 09

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 33
  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම  රුපියල් මිලියන 29
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 16

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!