27 C
Galle

නිරෝධායනය අවසන් කළ බලපිටියේ තිදෙනෙකුට කොරෝනා

Published:

හබරාදුවේ නිරෝධායන මධ්‍යස්ථානයක දින 14ක නිරෝධායනය අවසන් කර පැමිණ බලපිටියේ සිය නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් තිදෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ධීවර වෙළෙඳාමේ යෙදුණු මෙම තිදෙනා කොරෝනා ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයන් වීම හේතුවෙන් හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර තිබිණි. ඔවුන්ට කරන ලද පළමු පීසීආර් පරීක්ෂණ සෘණාත්මක වී තිබූ අතර නිවසට පැමිණි පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත.

මොවුන් තිදෙනා හම්බන්තොට රෝහලට ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.

Related articles

spot_img
error: Content is protected !!