27 C
Galle

අඩු පීඩන කලාපය දිවයින දෙසට. ප්‍රදේශ රැසකට මහ වැසි

Published:

ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය ඉදිරි පැය 24 – 48 කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකිය.

මෙය බස්නාහිර – වයඹ දෙසට ගමන් කරනු ඇති අතර නොවැම්බර් මස 24 වන දින පමණ වන විට දිවයිනේ උතුරු – නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වෙත ළඟා විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මේ හේතුවෙන් නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Related articles

spot_img
error: Content is protected !!