27 C
Galle

ගාල්ලේ ආසාදිතයන් 159ක් පදිංචි ප්‍රදේශ මෙන්න

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් කොරෝනා රෝගීන් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 159ක් වන අතර බූස්ස බන්ධනාගාරයෙන් ආසාදිතයන් 60 දෙනකු වාර්තා වී ඇති බව ද එම මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිධාරී චාමර මහගමගේ මහතා පවසයි.

මේ වනවිට වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 54කි. කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් 24ක් වාර්තා වන අතර ගාල්ල මහ නගර සභා සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් 13ක් හා අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් 12ක් වාර්තා වී ඇත. රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් 11ක් සහ හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් 08ක්, බෙන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් 07ක්, බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් 06ක්, බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 05ක්, උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් 04ක්, ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් 03ක් වාර්තා වී ඇත. හබරාදුව, ඉමදුව, අක්මීමණ හා වැලිවිටිය දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් රෝගීන් 02ක් බැගින් වාර්තාවන අතර ගෝනාපීනුවල, නෙළුව, තවලම, යක්කලමුල්ල හා නියාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් රෝගීන් වාර්තා වී ඇත්තේ එක් අයකු බැගිනි.

Related articles

spot_img
error: Content is protected !!