ලොව පුරා විසිරී සිටින ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදි සිසුන් ඒකාබද්ධ කරමින් පිහිටුවන ලද විදේශගත මහින්දීයයන්ගේ ආදි ශිෂ්‍ය සංගමයේ “Overseas Mahindians Alumni Association” ප්‍රථම මහා සභා රැස්වීම 2026 මැයි මස 09 වන සෙනසුරාදා Microsoft Teams තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතය. ලෝකයේ විවිධ කාල කලාපයන් ආවරණය වන පරිදි සංවිධානය කර ඇති මෙම හමුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් එදින පස්වරු 5:30 ට ආරම්භ වේ.
විදෙස්ගත ආදි සිසුන් අතර සබඳතා ශක්තිමත් කිරීම සහ තම විද්‍යාලයේ අභිවෘද්ධිය වෙනුවෙන් දායක වීම මෙම සංගමයේ ප්‍රධාන අරමුණයි.
මෙම සමුළුවේදී සංගමයේ ඉදිරි දැක්ම හඳුන්වා දීම, ව්‍යුහගත පාලන රාමුවක් සැකසීම සහ ලොව පුරා විසිරී සිටින ආදි ශිෂ්‍ය සංගම් (OBA) අතර සහයෝගීතාව වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.
මෙහිදී සංගමයේ ඉදිරි කටයුතු සඳහා නිලධාරී මණ්ඩලයක් සහ මෙහෙයුම් කමිටුවක් පත් කර ගැනීමට නියමිතය. එමෙන්ම ව්‍යවස්ථාව සැකසීම, අරමුදල් රැස්කිරීම, ව්‍යාපෘති සැලසුම් කිරීම සහ මාධ්‍ය හා සන්නිවේදන කටයුතු සඳහා විශේෂ අනුකමිටු කිහිපයක් ද පිහිටුවනු ලබයි.
ලොව පුරා විසිරී සිටින ආදි මහින්දීයයන්ට මෙම අවස්ථාවට එක්වන ලෙස සංවිධායකයන් ආරාධනා කරන අතර මෙම ඓතිහාසික හමුව ලෝක ව්‍යාප්ත මහින්ද ආදි ශිෂ්‍ය ප්‍රජාව එක් කරන සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇතැයි ඔවුහු විශ්වාසය පළ කරති.


