අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අත්අඩංගුවේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේදී වද හිංසාවලට හෝ අමානුෂික සැලකීම්වලට භාජනය වී තිබේද යන්න සොයා බැලීම සඳහා පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් අද (10) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පත් කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් නිකුත් කළ මෙම නියෝගයට අනුව, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී අදාළ වෛද්‍ය පරීක්ෂණය සිදුකර එහි වාර්තාව මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.
මෙම නියෝගය පිටු 17 කින් සමන්විත වූ අතර එය මහේස්ත්‍රාත්වරයා විසින් විවෘත අධිකරණයේදී කියවා දෙනු ලැබීය. මීට පෙර නඩු දිනයේදී නීතිපතිවරයා විසින් සුරේෂ් සලේ මහතා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.



