29.4 C
Galle

ව්‍යාජ ලේඛනවලින් රජයේ ඉඩමක් විකිණීමට තැත් කිරීමට මර්වින් සිල්වා ඇතුළු 6කට අධිචෝදනා

Published:

ව්‍යාජ ලේඛන උපයෝගී කරගනිමින් කිරිිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් විකිණීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පුද්ගලයන් හය දෙනෙකුට නීතිපතිවරයා විසින් ඊයේ (15) අධිචෝදනා භාර දී තිබේ.

මෙම නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම අධිචෝදනා පත්‍ර භාරදීම සිදු විය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සමදරි පියසේන මෙනෙවිය විසින් විත්තිකරුවන් එක් එක් අය වෙත මෙම අධිචෝදනා පත්‍ර භාර දීමට කටයුතු කළාය.

මෙසේ අධිචෝදනා භාරදුන් විත්තිකරුවන් හයදෙනා වන්නේ,

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

නවීන් වීරකෝන්

මිල්රෝයි පෙරේරා

ජයන්ත කබ්රාල්

සරත් එදිරිසිංහ යන අයයි.

විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ කිරිිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජය සතු දේපළක් සදහා ව්‍යාජ ලේඛන සකස් කර, එය විකිණීමට උත්සාහ කළ බවට එල්ල වූ චෝදනා මත පදනම්වය.

Related articles

spot_img
error: Content is protected !!