අද (23) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 13,265ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1078ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 49ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,199ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම මිලියන 250
- පික්මී සමාගම මිලියන 84
- එන් ඩී බී සමාගම මිලියන 71
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 12
- කාර්ගිල්ස් බැංකුව කොටස් මිලියන 02
- සිට්‍රස් වස්කඩුව සමාගම කොටස් මිලියන 01
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ස්ටෑන්ඩඩ් කැපිටල් සමාගම 07%
- රම්බොඩ ෆෝල්ස් සමාගම 07%
- ඔඩෙල් සමාගම 06%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 402
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 347
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 335
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 124ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 313ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 189ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- පික්මී සමාගම රුපියල් මිලියන 83
- එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 07
- ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම රුපියල් මිලියන 02
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ජෝන් කීල්ස් රුපියල් මිලියන 188
- සම්පත් බැංකුව රුපියල් මිලියන 42
- මෙල්ස්ටා ක්‍රොප් සමාගම රුපියල් මිලියන 28
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



