27.1 C
Galle

අද කොටස් වෙළඳපල ඉහලට

Published:

අද (27) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 16,098ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2070ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 14ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,182ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම මිලියන 661
  • සම්පත් බැංකුව මිලියන 139
  • හැටන් නැෂනල් බැංකුව මිලියන 134

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 33
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් කොටස් මිලියන 04
  • එල් වී එල් එනර්ජි සමාගම කොටස් මිලියන 1.4

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කාගො බෝට් සමාගම 11%
  • තලවකැලේ වැවිලි සමාගම සමාගම 10%
  • පාම් ගාර්ඩ්න් හෝටලය 09%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 405
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 351
  • සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 335

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 75ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 60ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 15ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 27
  • එඩ් එන් බී ලයිෆ් සමාගම රුපියල් මිලියන 21
  • ටෝකියෝ සිමෙන්ට් එක්ස් සමාගම රුපියල් මිලියන 19

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 27
  • වින්ඩ් ෆෝස් සමාගම රුපියල් මිලියන 20
  • ලංකා දුම්කොළ සමාගම රුපියල් මිලියන‍ 05

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!