අද (30) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 14,521ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1094ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 80ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,148ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හේලීස් සමාගම මිලියන 195
- ජෝන් කීල්ස් මිලියන 69
- ෂෝ වොලස් මිලියන 63
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එච් එන් බී ලීසින් සමාගම කොටස් මිලියන 4.2
- ජෝන් කීල්ස් කොටස් මිලියන 3.5
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 2.9
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 20%
- සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් සමාගම 08%
- මර්චන්ට් ෂිපින් සමාගම එක්ස් 08%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 406
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 352
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 337
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 28 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 29ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 01ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 06
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 06
- එච් එන් බී ලීසින් සමාගම රුපියල් මිලියන 04
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සම්පත් බැංකුව රුපියල් මිලියන 21
- රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 01
- එයිටිකන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 01
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



