27.2 C
Galle

වෑකඩ මහා විද්‍යාලය වසා දමයි

Published:

පාසලේ ගුරුවරයකු කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ සමීප ආශ්‍රිතයකු වීම හේතුවෙන් වෙන්නප්පු අධ්‍යාපන කොට්ඨාසයේ වෑකඩ මහා විද්‍යාලය අද (24) සිට සිකුරාදා දක්වා වසා දමන බව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම ගුරුවරයා කුරුණෑගල ප්‍රදාන තැපැල් කාර්යාලයේ සේවය කරන අලව්වේ පදිංචිව සිටින කොරෝනා ආසාදිත පුද්ගලයකුගේ ආශ්‍රිතයෙකි. ඒ අනුව ඊයේ (24) එම ගුරුවරයාගේ ද පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇත. නමුත් ඔහු ඊට පෙර පාසල් පැමිණ ඇති බැවින් පාසල් සංවර්ධන සමිතිය විසින් මෙම තීරණය ගෙන ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!