ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CID) විසින් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අද පෙරවරුවේ CID මූලස්ථානය වෙත පැමිණ තිබුණේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී සිදු කළ බව කියන ප්‍රකාශයක් පිළිබඳ ප්‍රකාශයක් ලබාදීම සඳහා බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
CID නිලධාරීන් පවසන්නේ, අදාළ ප්‍රකාශය මගින් පොලිස්පතිවරයාට මරණ තර්ජනයක් එල්ල වී ඇතිද යන්න, රජය සහ ජනාධිපතිවරයා මහජනතාව අතර අනාදරයට ලක්වන ආකාරයේ ප්‍රකාශ සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙමින් පවතින බවයි.
මෙම සිද්ධියට අදාළව කාරියවසම් මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බවද පොලිසිය තහවුරු කර ඇත.
පොලිසිය සඳහන් කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන CID විසින් පවත්වන බවත්, අදාළ නීතිමය ක්‍රියාමාර්ග අනුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්ය.



