30.6 C
Galle

මරණීය දණ්ඩනය නියම වූ අයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි

Published:

2019 වසරේදී රාගම පොලිස් වසමේ වල්පොළ ප්‍රදේශයේ කාන්තාවකට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව මරණීය දණ්ඩනය නියම වූ චූදිතයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ.

පොලීසිය සඳහන් කළේ, අදාළ අපරාධය සම්බන්ධයෙන් විභාග වූ නඩුවේදී මීගමුව මහාධිකරණය විසින් චූදිතයාට මරණීය දණ්ඩනය නියම කර ඇති බවයි.

එම චූදිතයා නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, අපරාධ නඩුවිධාන සංග්‍රහයේ අදාළ ප්‍රතිපාදන අනුව නඩුව විභාගයට ගෙන දඬුවම නියම කර ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

පොලීසියට අවශ්‍යව සිටින පුද්ගලයා රණේපුර දේවගේ රනුක එරන්ද විජේතුංග නමැති 38 හැවිරිදි අයෙකි.

ඔහුගේ අවසන් වරට දැනගත් ලිපිනය ලෙස,

අංක 35/1, උග්ගහේන, වල්පොළ, රාගම

යන ලිපිනය සඳහන් කර ඇත.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම රාගම පොලිසිය වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

තොරතුරු ලබාදීම සඳහා පහත දුරකථන අංක භාවිත කළ හැකිය.

  • රාගම පොලිස් ස්ථානාධිපති – 071 859 1604
  • රාගම පොලිස් අපරාධ අංශ ස්ථානාධිපති – 071 962 7561

තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ අනන්‍යතාවය රහසිගතව තබා ගන්නා බව පොලීසිය අවධාරණය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රාගම පොලීසිය විසින් සිදු කරයි.

Related articles

spot_img
error: Content is protected !!