26.9 C
Galle

තරුණියකගේ නිරුවත් දර්ශන මුදාහරින බවට තර්ජනය කළ හිමිනම රක්ෂිත බන්ධනාගාරයට

Published:

තරුණියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයට මුදාහරින බවට තර්ජනය කළ බව කියන භික්ෂුවක් උඩුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, අදාළ සැකකාර හිමිනම ගාල්ල, උඩුගම ප්‍රදේශයේ පිහිටි කණිෂ්ඨ විද්‍යාලයක ගුරුවරයෙකු ලෙස සේවය කරන අතර ඒ ආසන්න විහාරස්ථානයක වැඩ වාසය කරන 33 හැවිරිදි හිමිනමක් බවයි.

පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව, සැකකාර හිමිනම සහ එම ප්‍රදේශයේ තරුණියක අතර කලක සිට ප්‍රේම සම්බන්ධයක් පැවති බවත්, එම කාලය තුළ දෙදෙනා අතර ජංගම දුරකථන හරහා නිරුවත් වීඩියෝ දර්ශන සහ ඡායාරූප හුවමාරු කරගෙන ඇති බවත් අනාවරණය වී තිබේ.

පැමිණිලිකාර තරුණිය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ, එම සම්බන්ධය මාස තුනකට පමණ පෙර අවසන් කළ බවත්, ඉන් අනතුරුව සැකකාර හිමිනම විසින් තම නිරුවත් දර්ශන සමාජ මාධ්‍යයට මුදාහරින බව පවසමින් තර්ජනය කර ඇති බවත්ය.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව උඩුගම පොලිසිය විසින් සැකකාර හිමිනම 2026 අගෝස්තු 9 දින අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, මහෙස්ත්‍රාත්වරයා විසින් ඔහු අගෝස්තු 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන උඩුගම පොලිසිය විසින් පවත්වනු ලබයි.

Related articles

spot_img
error: Content is protected !!