27.6 C
Galle

අම්බලන්ගොඩ පාසල් ආ දරුවන්ගේ මවටත් පියාටත් කොරෝනා

Published:

අම්බලන්ගොඩ ප්‍රධාන පාසල් දෙකක ඉගෙනුම ලබන එකම පවුලේ සිසුන් දෙදෙනකුගේ මවත් පියාත් කොරෝනා ආසාදිතයන් බවට වාර්තාවීම හේතුවෙන් එම සිසුන් දෙදෙනා සමග පන්ති දෙකෙහි ඊයේ (23) ඉගෙනුම ලැබූ සියලු සිසුන් අද (24) ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

තිලකපුර ප්‍රදේශයේ පදිංචි මෙම සිසුන් දෙදෙනාගේ පියා ආරක්ෂක අංශ සාමාජිකයෙකි. ඔහු නිවසට පැමිණීමෙන් පසු නිවසේ ස්වයං නිරෝධායනයට යොමු කර තිබිය දී මෙම සිසුන් දෙදෙනා පාසල් පැමිණ ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි.

නිරෝධායනයේ සිටි එම ආරක්ෂක අංශ සාමාජිකයාට ඊයේ (23) දහවල් ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුම්වත් කිරීමත් සමග ගිලන් රථයකින් රෝහල්ගත කර තිබේ. එහිදී ඔහුගේ සහ බිරිඳගේ ජෛව සාම්පල ලබාගෙන කරන ලද පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ මේ මවත් පියාත් දෙදෙනාටම කොරෝනා ආසාදනය වී ඇති බවයි.

මෙම සිසුන් දෙදෙනා පාසල් 02හි 09 වැනි ශ්‍රේණියේ සහ 11 වැනි ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන අතර එම පාසල් දෙකෙහෙි අදාල පන්තිවල සිසු සිසුවියන් ස්වයං නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කර තිබේ.

මෙම දරුවන් ඉගෙනුම ලබන්නේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ බව ද පැවසේ

සිසුන් දෙදෙනා සඳහා පීසීආර් පරීක්ෂණ හෙට (25) පැවැත්වීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!