අද (31) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ විදේශීය ආයෝජකයන්ගේ කොටස් විකිණීම අබිභවා කොටස් මිලදී ගැනීම් රුපියල් මිලියන 18කින් වැඩිවී තිබේ. එහිදී විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 12 හේලිස් සමාගමේ කොටස් පමණක් මිලදී ගෙන ඇත.
අද දින කොටස් වෙළඳපල ගනුදෙනු 16,096ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1014ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 22ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,338ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සියරා කේබල් සමාගම මිලියන 107
- ඇක්සස් ඉංජිනියරින් සමාගම මිලියන 77
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම මිලියන 68
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 13
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 08
- සියරා කේබල් සමාගම කොටස් මිලියන 02
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- රේඩියන් ජෙන්ට්ස් සමාගම 14%
- බැන්සේ රිසෝට් සමාගම 13%
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම 08%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 426
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 353
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 336
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 50 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 32ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 18ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- හේලීස් සමාගම රුපියල් මිලියන 12
- එලිෆන්ට් හවුස් රුපියල් මිලියන 10
- සම්පත් බැංකුව රුපියල් මිලියන 04
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 04
- ලංකා ලුබ්රිකන්ට් රුපියල් මිලියන 01
- විදුලංකා සමාගම රුපියල් මිලියන 01
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



