අද (01) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ වැඩිම පිරිවැටුමක් ලෙස රුපියල් මිලියන 564ක් සහ කොටස් මිලියන 28ක් ගනුදෙනු වෙමින් ජෝන් කීල්ස් සමාගම පෙරමුණට පත්ව ඇත.
අද දින කොටස් වෙළඳපල ගනුදෙනු 17,984ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2321ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 20ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,318ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම මිලියන 564
- ඩයලොග් ආසියාටා සමාගම මිලියන 245
- එලිෆන්ට් හවුස් සමාගම මිලියන 156
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 28
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 13
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 05
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස් එම් බී ලීසින් එක්ස් සමාගම 50%
- ඒෂියා ෂියාකා සමාගම 09%
- එච් වී ඒ ෆුඩ් සමාගම 08%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 423
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 345
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 336
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 34 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 646ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 612ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- හේකාබ් සමාගම රුපියල් මිලියන 19
- සම්පත් බැංකුව රුපියල් මිලියන 07
- බ්‍රවුන්ස් ඉන්වෙට්මන්ට් රුපියල් මිලියන 04
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 293
- ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 231
- එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 104
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



