29.3 C
Galle

අද කොටස් වෙළඳපල ඉහලට

Published:

අද (02) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 16,195ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1275ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 07ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,325ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සම්පත් බැංකුව මිලියන 106
  • හැටන් නැෂනල් බැංකුව මිලියන 92
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම මිලියන 64

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 08
  • ඒෂියා ෂියාකා සමාගම කොටස් මිලියන 3.8

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 20%
  • රේණුක ෆුඩ්ස් එක්ස් සමාගම 10%
  • සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම 09%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 424
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 345
  • සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 336

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 22 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 29ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 07ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් ලක්ෂ 06
  • කමර්ෂල් ක්‍රෙඩිට් රුපියල් ලක්ෂ 06
  • එල් බී ෆිනෑන්ස් රුපියල් මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 2.2
  • හේකාබ් රුපියල් මිලියන 02
  • විදු ලංකා සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!