29.3 C
Galle

රේනුක ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි

Published:

අද (03) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ රුපියල් මිලියන 502ක වටිනාකමක් වාර්තා කරමින් රේණුක ෆුඩ්ස් සමාගම කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු වූ සමාගම් අතරින් වැඩිම පිරිවැටුමක් වාර්තා කිරීමට සමත් විය.

අද කොටස් වෙළඳපල ගනුදෙනු 17,949ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2446ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 69ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,395ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • රේණුක ෆුඩ්ස් සමාගම මිලියන 502
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම මිලියන 281
  • ඩිප් ප්‍රඩක්ට් සමාගම මිලියන 230

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එච් එන් බී ලීසින් එක්ස් සමාගම කොටස් මිලියන 21
  • එච් එන් බී ලීසින් සමාගම කොටස් මිලියන 20
  • රේණුක ෆුඩ්ස් සමාගම කොටස් මිලියන 19

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කොමර්ෂල් ඩිවලොප්මන්ට් සමාගම 10%
  • සී එම් හෝල්ඩිංස් සමාගම 07%
  • ඒ සී එල් ප්ලාස්ටික් සමාගම 07%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 427
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 345
  • සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 336

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 153 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 84ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 69ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 84
  • ඩයලොග් ආසියාටා රුපියල් ලක්ෂ 46
  • අම්බන් කැපිටල් රුපියල් මිලියන 07

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 42
  • ඩොක්යාඩ් රුපියල් මිලියන 11
  • හේකාබ් සමාගම රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!