29.3 C
Galle

අද කොටස් වෙළඳපල ඉහලට, ඩයලොග් සමාගමේ වත්කම් එක් දිනක් තුළ රුපියල් බිලියන 19කින් ඉහලට

Published:

අද (04) කොළඹ කොටස් වෙළඳපල සමස්ථ කොටස් මිල දර්ශකය ඒකක 225කින් ඉහල යන ලදී. ඊයේ දිනයේ ඩයලොග් ආසියාටා සමාගමේ කොටස් වත්කම් රුපියල් බිලියන 427ක් වූ අතර අද දිනයේ සමස්ථ කොටස් වත්කම රුපියල් බිලියන 446ක් විය. එය එක් දිනක් තුළදී රුපියල් බිලියන 19කින් වත්කම් ඉහල යෑම සුවිශේෂී තත්වයකි.

අද කොටස් වෙළඳපල ගනුදෙනු 22,045ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2677ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 225ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,620ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සන්ෂයින් හෝල්ඩිංස් සමාගම මිලියන 472
  • ඩයලොග් ආසියාටා සමාගම මිලියන 139
  • ඒ සී එල් කේබල්ස් සමාගම මිලියන 101

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සන්ෂයින් හෝල්ඩිංස් සමාගම කොටස් මිලියන 16
  • එච් එන් බී ලීසින් එක්ස් සමාගම කොටස් මිලියන 06
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 16%
  • එස් එම් බී ලීසින් සමාගම 10%
  • රිස්යුස් එනර්ජි සමාගම 09%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 446
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 347
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 337

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 40 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 107ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 67ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 09
  • හේලීස් සමාගම රුපියල් මිලියන 05
  • සී එෆ් සී සමාගම එක්ස් රුපියල් මිලියන 04

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • සිලෝන් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 29
  • එච් සෙනික් රුපියල් මිලියන 24
  • එච්එන්බී ෆයිනෑන්ස් සමාගම රුපියල් මිලියන 16

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!