අද (08) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ අමානා තකාලේ සමාගමේ කොටස් මිලියන 12ක් ගනුදෙනු වූ අතර මුළු පිරිවැටුම රුපියල් මිලියන 310ක් ලෙස වාර්තා විය.
අද කොටස් වෙළඳපල ගනුදෙනු 16,967ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1466ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 81ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,942ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- අමානා තකාෆුල් සමාගම මිලියන 310
- ජෝන් කීල්ස් සමාගම මිලියන 87
- හේකාබ් සමාගම මිලියන 53
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- අමානා තකාෆුල් සමාගම කොටස් මිලියන 12
- එස් එම් බී ලීසින් එක්ස් සමාගම කොටස් මිලියන 09
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 04
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඇල්ෆා ෆයර් සමාගම 07%
- විදු ලංකා එක්ස් සමාගම 06%
- සී එස් අයි සමාගම 06%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 446
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 345
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 338
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 43 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 30ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 13ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ඩී එෆ් සී සී බැංකුව රුපියල් මිලියන 20
- පික්මී සමාගම රුපියල් මිලියන 10
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් රුපියල් මිලියන 07
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- විදු ලංකා සමාගම රුපියල් මිලියන 13
- ප්‍රීමා රුපියල් මිලියන 03
- එල් ඕ එල් සී ෆයිනෑන්ස් සමාගම රුපියල් මිලියන 03
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



