අද (09) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 13,379ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 972ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 76ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,466ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ඇක්සස් සමාගම මිලියන 128
- ඩිමෝ සමාගම මිලියන 57
- සම්පත් බැංකුව මිලියන 50
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝට් සමාගම කොටස් මිලියන 08
- එස් එම් බී ලීසින් එක්ස් සමාගම කොටස් මිලියන 03
- සිට්‍රස් වස්කඩුව සමාගම කොටස් මිලියන 02
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සර්වෝදය සමාගම 05%
- එන් ටී බී බැංකුව එක්ස් සමාගම 04%
- ඊ එම් එල් කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම 04%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 446
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 345
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 337
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 09 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 81ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 72ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කර ගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 04
- ඩී එෆ් සී සී බැංකුව රුපියල් මිලියන 01
- ඩර්ඩන්ස් සමාගම එක්ස් රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඩිමෝ සමාගම රුපියල් මිලියන 56
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 10
- ඕවර්සීස් රියැලිටි සමාගම රුපියල් මිලියන 05
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



