කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සම්පත් බැංකුව රුපියල් මිලියන 456ක වැඩිම පිරිවැටුමක් ද කොටස් මිලියන 03ක කොටස් ගනුදෙනුවක් වාර්තා කරමින් අද දින ගනුදෙනු වූ සමාගම් අතර ප්‍රමුඛස්ථානයට පත්වී ඇත.
අද (09) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 13,539ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1450ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 108ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,357ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සම්පත් බැංකුව මිලියන 456
- කොමර්ෂල් බැංකුව මිලියන 67
- රෝයල් සෙරමික්ස් මිලියන 49
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සම්පත් බැංකුව කොටස් මිලියන 03
- රේනුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 2.7
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 2.2
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කේනර් හෝස් සමාගම 18%
- ලාෆ්ස් ගෑස් එක්ස් සමාගම 06%
- ටෙස් ඇග්‍රො සමාගම 05%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 440
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 344
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 337
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 32 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 16ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 16ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 13
- පික්මී රුපියල් මිලියන 03
- හේකාබ් සමාගම එක්ස් රුපියල් මිලියන 03
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- එච් එන් බී ෆයිනෑන්ස් සමාගම රුපියල් මිලියන 08
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



