30.9 C
Galle

ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි

Published:

කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කළ අතර කොටස් මිලියන 03ක ගනුදෙනු සිදුකරමින් රුපියල් මිලියන 204ක පිරිවැටුමක් වාර්තා කරන ලදී.

අද (11) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 12,673ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1129ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 25ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,382ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම මිලියන 204
  • හේකාබ් සමාගම මිලියන 77
  • ලංකා අයි ඕ සී සමාගම මිලියන 73

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් කොටස් මිලියන 13
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 10
  • එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 16%
  • සිට්‍රස් වස්කඩුව සමාගම 06%
  • හේකාබ් සමාගම 05%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 440
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 342
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 336

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 34 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 85ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 51ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • ජේ එෆ් පැකින් සමාගම රුපියල් මිලියන 21
  • අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 68
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 03
  • හේමාස් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!