අද දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ ජෝන් කීල්ස් සමාගමේ කොටස් මිලියන 13.1ක් ගනුදෙනු වූ අතර වැඩිම පිරිවැටුමක් වාර්තා කරමින් රුපියල් මිලියන 204ක ගනුදෙනු වාර්තා විය.
අද (14) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 12,143ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1546ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 68ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,313ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම මිලියන 254
- සම්පත් බැංකුව මිලියන 232
- ඉන්දියන් ඔයිල් සමාගම මිලියන 221
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 13
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 08
- එස් එම් බී ලීසින් සමාගම එක්ස් කොටස් මිලියන 6.9
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ටෙස් ඇග්‍රො එක්ස් සමාගම 07%
- ටෙස් ඇග්‍රො සමාගම 05%
- මුලර්ස් සමාගම 04%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 436
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 342
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 337
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 21 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 116ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 95ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- සන්ෂයින් හෝල්ඩිංස් සමාගම රුපියල් මිලියන 15
- ලංකා අයි ඕ සී සමාගම රුපියල් මිලියන 03
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 102
- හේමාස් සමාගම රුපියල් මිලියන 07
- එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 03
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



