28.2 C
Galle

ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි

Published:

අද දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් මිලියන 10.3ක් ගනුදෙනු වෙමින් වැඩිම පිරිවැටුම ලෙස රුපියල් මිලියන 872ක් ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම විසින් වාර්තා කරන ලදී.

අද (15) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 11,600ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2225ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 51ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,262ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම මිලියන 872
  • එලිෆන්ට් හවුස් සමාගම මිලියන 218
  • ජෝන් කීල්ස් සමාගම මිලියන 203

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 10.5
  • ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම කොටස් මිලියන 10.3
  • කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 2.7

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස් එම් බී ලීසින් සමාගම 10%
  • කාගො බෝට් සමාගම 06%
  • රේණුක හොටෙල්ස් සමාගම 05%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 423
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 342
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 335

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 49 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 112ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 63ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 03
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 03
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 47
  • එච් සෙනිඩ් සමාගම රුපියල් මිලියන 10
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 06

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!