අද (13) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම කොටස් මිලියන 1.5ක් ගනුදෙනු වෙමින් සම්පූර්ණ පිරිවැටුම රුපියල් මිලියන 130ක් ලෙස අද දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරන ලදී.
අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 4,634ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1147ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 82ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,077ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම මිලියන 130
- ජෝන් කීල්ස් සමාගම මිලියන 81
- ජෝක් ආකේඩ් සමාගම මිලියන 46
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එච් එන් බී ලීසින් එක්ස් සමාගම කොටස් මිලියන 13
- එච් එන් බී ලීසින් සමාගම කොටස් මිලියන 8.7
- සිට්‍රස් ලෙෂර් සමාගම කොටස් මිලියන 8.4
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සිට්‍රස් ලෙෂර් සමාගම 09%
- කැලූ ෆන්ඩ් සමාගම 05%
- කෑගල්ල වැවිලි සමාගම 05%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 401
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 333
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 326
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 34 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 11ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 23ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම රුපියල් මිලියන 20
- අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 08
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඊස්ට් වෙස්ට් රුපියල් මිලියන 03
- කලම්බො සිටි සමාගම රුපියල් මිලියන 02
- අමානා බැංකුව රුපියල් මිලියන 01
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



