28.9 C
Galle

කොරෝනා රෝගියා සමග පොර බැදූ හෙද නිලධාරියා අත්අඩංගුවට

Published:

වැලිකන්ද විශේෂ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ සිටි රෝගියකුට පහරදී ඇතැයි ලැබුණු පැමිණිල්ලක් හේතුවෙන් පිරිමි හෙද නිලධාරියකු අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය පවසයි.

ප්‍රතිකාර ලබමින් සිටි 28 හැවිරිදි රාජාංගනයේ පදිංචිකරුවකු පසුගිය 24 වැනි දා රාත්‍රී 11.00ට පමණ පැන යාමට උත්සාහ ගැනීමේ දී මෙම හෙද නිලධාරීයා ඔහු අල්ලාගැනීම සඳහා පොර බදා ඇත. එහි දී රෝගියාට පහරදුන් බවට ලැබුණු පැමිණිල්ලක් හේතුවෙන් හෙද නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇතැයි ද පැවසේ.

අත්අඩංගුවට පත් වූ හෙද නිලධාරියා අම්බලන්තොට පදිංචි 30 හැවිරිදි අයෙකි.

Related articles

spot_img
error: Content is protected !!