28.9 C
Galle

කල්මුණේ සියලු පාසල් වසා දමයි

Published:

කල්මුණේ අධ්‍යාපන කලාපයේ පිහිටි සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් කීවාය.

එම ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් හමුවීම නිසා මෙම තීරණය ගත් බව ද ඇය පවසයි. සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම අහඹු පීසීආර් පරීක්ෂණවලින් අක්කරෙයිපත්තු ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 20 දෙනකු හා සයින්දමර්දු ප්‍රදේශයෙන් ආසාදිතයකු හමුවී තිබෙන බවයි.

Related articles

spot_img
error: Content is protected !!