30 C
Galle

මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළට

Published:

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් අද (26) කොරෝනා ආසාදිත මරණ තුනක් පිළිබඳ තොරතුරු නිකුත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම තොරතුරු අනුව කොළඹ 08 පදිංචි 87 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේ දී අද මියගොස් ඇත. ඔහුගේ මරණයට හේතුවී ඇත්තේ කොරෝනා ආසාදනය සමඟ බැක්ටීරියා ආසාදනයක් සහ නිධන්ගත පෙනහළු රෝගයක් උත්සන්න වීම බව පවසයි

බම්බලපිටිය පදිංචි අවුරුදු 80කි පිරිමි පුද්ලයකු මියගොස් ඇති අතර කොවිඩ් ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (25) මියගොස් ඇත. නිව්මෝනියාව සහ කොවිඩ් වයිරසය ආසාදනය වීම නිසා මරණය සිදුව ඇත.

පෑළියගොඩ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් ජාතික රෝහලේ දී පසුගිය 23 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ කොරෝනා ආසාදනය වීමයි.

මෙම මරණ 03 වාර්තාවීමත් සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළ ගොස් තිබේ.  

Related articles

spot_img
error: Content is protected !!