28.9 C
Galle

ඉතියෝපියාවේ යුද්ධයට මැදිවූ ලාංකිකයන් පිරිසක් බේරාගැනේ

Published:

ඉතියෝපියාවේ යුද කලාපයේ සිර වී සිටි ශ්‍රී ලාංකිකයන් 38 දෙනකු බේරාගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා මෙරටින් පිටත්ව ගොස් ඇති මෙම පිරිස යුද කලාපයේ සිරවී ජීවිත අවධානමට පවා මුහුණ දී සිටි අතර ඔවුන් බේරාගෙන ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මෙම පිරිස ඉදිරි දිනක ශ්‍රී ලංකාවට යළි ගෙන්වාගැනීමට කටයුතු කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!