30.5 C
Galle

ශානි අබේසේකර IDH රෝහලට මාරු කරයි

Published:

රක්ෂිත බන්ධනාගාරගතව සිටිය දී කොරෝනා ආසාදනය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොළඹ අයිඩීඑච් රෝහලට යොමුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඔහු අද (27) වැලිකන්ද කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර තිබූ බව එම රෝහලේ ප්‍රකාශකයකු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මහර බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබිණි.

අද (27) ඔහු වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටිය දී හමුදා ආරක්ෂාව හා බන්ධනාගාර නිලධාරීන්ගේ ද විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූ අතර එම රෝහලට ද දැඩි ආරක්ෂාව යොදා තිබිණි.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම යටතේ ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!