30.5 C
Galle

මාතර එකම ගමකින් 07ක් ඇතුළු ආසාදිතයන් 08 දෙනෙක්

Published:

මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (28) කොරෝනා ආසාදිතයන් 08 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙයින් 07 දෙනකු ම එකම ගම්මානයකින් හමුවී තිබේ. කනංකේ ප්‍රදේශයේ ගම්මානයක පදිංචිව සිටි කඩුවෙළ ප්‍රදේශයේ දුරකථන සම්බන්ධතා අළෙවිකළ තරුණයකු කොරෝනා ආසාදනය වීමෙන් පසු ඔහුගේ ආශ්‍රිතයන් තිදෙනකුට ආසාදනය වී තිබිණි. ඉන් පසු ඔවුන්ගේ ආශ්‍රිතයන්ට කරන ලද පීසීආර් පරීක්ෂණ අනුව අද මෙම 07 දෙනා කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන ඇත.

ඒ අනුව එම ගම්මානයෙන් මේ දක්වා හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 11 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.

ඊට අමතරව වැලිපිටි මෝදර පදිංචි දෙහිවල නෝලිමිට් ආයතනයේ සේවකයකුට ද කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබේ.

මෙම සියලු ආසාදිතයන් රෝහල්වෙත යොමුකිරීමටත් ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක්කිරීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!