27.3 C
Galle

දකුණු පළාතෙන් අද ආසාදිතයන් 12 දෙනකු හමුවෙයි

Published:

දකුණු පළාතෙන් අද (28) කොරෝනා ආසාදිතයන් 12 දෙනකු වාර්තා වී ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව දකුණු පළාතෙන් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 266ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද දිනයේ ආසාදිතයන් 03 දෙනෙක් වාර්තා වී තිබේ. ඒ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 02 ක් හා බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් එක් අයෙක් වශයෙනි.

මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 09 දෙනකු අද දිනයේ වාර්තා වී ඇති අතර ඔවුන් 08 දෙනකු වාර්තා වන්නේ වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. ඉන් 07 දෙනකු ම එකම ගම්මානයක වීම විශේෂත්වයකි. තවත් ආසාදිතයකු අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වෙයි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සුවය ලැබූ ආසාදිතයන්ගේ තොරතුරු මෙතෙක් ලබා නොදීම හේතුවෙන් දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලමගින් තොරතුරු ලබාගෙන ඇති අතර ඔවුන්ට ලැබුණු තොරතුරු අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 95කි. මාතර දිස්ත්‍රික්කයේ සුවය ලැබූ සංඛ්‍යාව 32ක් වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 22කි. ඒ අනුව දකුණු පළාතේ වාර්තාවන ආසාදිතයන් 266 දෙනා අතරින් මේ වනවිට 149 දෙනකු සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!