27.3 C
Galle

මහර බන්ධනාගාරයේ යළි වෙඩි තැබීම්

Published:

මහර බන්ධනාගාරයේ යළිත් වෙඩි තැබීම් ආරම්භ වී ඇති බව එහි සිටින මාධ්‍යවේදීහු කියති.

අද (29) දහවල් රැඳවියන් පිරිසක් පලා යාමට උත්සාහ ගැනීමේ දී සිදුවූ වෙඩි තැබීමකින් එක රැඳවියකු මියගොස් සිටි අතර ඉන් පසු බන්ධනාගාරය ඇතුළත කලහකාරී තත්ත්වයක් ඇතිවිය. එය පාලනයට පොලිස් විශේෂ කාර්ය බලකායද යෙදවුුු ද වෙඩි තැබීම් ගණනාවක් සිදුවන ශබ්දය ඇසී තිබිණි. මේ අතර බන්ධනාගාරය අභ්‍යන්තරයේ ගින්නක් හටගත් අතර ගින්නෙන් මද වේලාවකට පසු වෙඩි හඬ නෑසී ගියේය.

මාධ්‍යවේදීන් පවසන්නේ මේ මොහොතේ යළි වෙඩි තැබීම් ආරම්භවි ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!