27.3 C
Galle

මහනුවර රෝහලේ දරුවන් 02කට හා මවකට කොරෝනා

Published:

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු එකහමාරක දරුවකුට හා මාස 06ක බිළිඳකුට සහ මවකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව එම තිදෙනා තෙල්දෙණිය රෝහල වෙත යැවූ බව ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු පවසයි.

ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

“සැළසුම් කර සිදුකරන ශල්‍යකර්ම නවතා දැමීමටත් හදිසි ශල්‍යකර්ම පමණක් සිදුකිරීමටත් අප තීරණය කළා. රෝගී සත්කාරක සේවා සාමාන්‍ය පරිදි කරගෙන යනවා. රෝගීන් බැලීමට පැමිණීම එක් අයකුට පමණක් සිමා කිරීම තරයේ ක්‍රියාත්මක කිරීමටත් අප කටයතු කරනවා.”

Related articles

spot_img
error: Content is protected !!