27.3 C
Galle

මහර මියගිය ගණන 08ක් 50ක් රෝහලේ

Published:

මහර බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් 08 දෙනකු මියගොස් 50ක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

තුවාල ලැබූවන් අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ද සිටින බව පොලිසිය කියයි. තුවාල ලැබූ පිරිස රාගම රෝහලට හා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටිති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ රැඳවියන් පිරිසක් ගේට්ටුව කඩා පැන යාමට උත්සාහ ගැනීමේ දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
මේ වන විට එම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සහ විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් මහර බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා යොදවා ඇත.

Related articles

spot_img
error: Content is protected !!