29.4 C
Galle

“බුරවි” නම ලැබුණු හැටි. බුරවිට පසුව “ටවුක්ටේ” සුළි කුණාටුව එයි

Published:

“බුරවි” සුළි කුණාටුව මේ වනවිට ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබේ.

මෙම සුළි කුණාටුවට භාවිතා කරන්නේ සුළි කුණාටු සඳහා මාලදිවයින විසින් ලබාදුන් නාමයකි. මාලේ භාෂාවෙන් බුරවි යන්නේ අරුත වන්නේ කඩොලාන යන්නයි. මාලදිවයිනේ භාවිත වන්නේ  ඉන්දු ආර්ය භාෂාවක් ලෙස සලකන අතර එය ධිහේවි භාෂාවයි. මෙය සිංහල භාෂාවට ද බොහෝ සෙයින් සමානය.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් ලොව ඇතිවන සුළි කුණාටු සඳහා භාවිතයට සුදුසු නාම ලේඛනයක් පිළියෙල කළ අතර ඒ සඳහා ලොව රටවලින් නාම යෝජනා කැඳවන ලදී. ඒ අනුව බුරවි යන නාමය ලබා දී ඇත්තේ මාලදිවයින විසිනි.

මෙලෙස ලැබී ඇති නම් ඒ ඒ සාගර හා මහද්වීප කලාපයන් අනුව වෙන්කර ඇති අතර එහි අනු පිළිවෙලක් ද සකසා ඇත. ඒ ඒ කලාපයේ ඇතිවන සුළි කුණාටු අනුව එම ලේඛණයේ ඇති නම් භාවිතා කිරීම සිදුවෙයි.

බෙංගාල බොක්කේ “බුරවි” සුළි කුණාටුවට පෙර අවසන් වරට ඇතිවූ සුළි කුණාටුව හැඳින්වූයේ නිවාර් යන නමිනි. නිවාර් නාමය ලබා දී තිබුණේ ඉරානය විසිනි. බුරවි සුළි කුණාටුවෙන් පසු බෙංගාල බොක්කේ ඇතිවන සුළි කුණාටුවට තැබීමට නියමිතව ඇති නම වන්නේ “ටවුක්ටේ” යන්නයි. එය මියන්මාරය විසින් ලබාදුන් නාමයකි.

Related articles

spot_img
error: Content is protected !!