27 C
Galle

කොරෝනා මරණ දෙකක විස්තර

Published:

තවත් කොරෝනා මරණ දෙකක් සිදුව ඇති බව රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නිවේදනයට අනුව හලාවත ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් 30 වැනි දා මියගොස් ඇත. හලාවත රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව පැවසේ. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි.

මියගිය අනෙක් තැනැත්තා කොළඹ 13 පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නොවැම්බර් 30 වැනි දින ඔහු නිවසේ දි මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා නිව්මෝනියා තත්ත්වය හා ආඝාතයයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ දී සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 124ක් බව රජයේ නිල සංඛයාලේඛන අනුව දක්වා ඇත.

Related articles

spot_img
error: Content is protected !!