30.5 C
Galle

දකුණේ යළි කොරෝනා වැඩි වෙයි ද ? අද ආසාදිතයන් 16ක් හමුවෙයි

Published:

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 16 දෙනකු අද දකුණු පළාතෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 09 දෙනෙක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 06 දෙනෙක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසාදිතයෙක් ලෙස මෙම ආසාදිතයන් 16 දෙනා වාර්තා වී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 09 දෙනා වාර්තා වි ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 04 දෙනෙක්, බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 02 දෙදෙනෙක්, ගාල්ල මහ නගර සභාව, ඉමදුව හා කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් එක් ආසාදිතයකු බැගිනි.

මාතර දිස්ත්‍රික්කයෙන් අද (03) දිනයේ වාර්තා වූ ආසාදිතයන් 06 දෙනාගෙන් දෙදෙනෙක් මාතර කැකනදුර පදිංචිකරුවන් වන අතර වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ද ආසාදිතයන් දෙදෙනකු වාර්තා වී තිබේ. වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හා මාතර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයකු බැගින් වාර්තා වී තිබේ.

හම්බන්තොට ආසාදිතයා වාර්තා වී ඇත්තේ වලස්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.

මේ අනුව අද (03) දකුණු පළාතෙන් වාර්තා වූ සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 297ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 186ක් මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 79ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 32ක් වශයෙනි.

Related articles

spot_img
error: Content is protected !!