30.5 C
Galle

ගාල්ල කනම්පිටියෙන් තවත් ආසාදිතයෙක්

Published:

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පෙරේදා (02) කරන ලද පීසීආර් පරීක්ෂණ 541ක ප්‍රතිඵල අතරින් තවත් කොරෝනා ආසාදිත අයකු හමුවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔහු කනම්පිටිය ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි. මේ වනවිට එම ආසාදිත පුද්ගලයා රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බවත් ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිට මෙම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 03 දෙනකු හමුවී ඇති අතර කළුබෝවිල රෝහලේ දී මියගිය පසු කොරෝනා ආසාදිත බව හඳුනාගත් පුද්ගලයා ද සමග එම ප්‍රදේශයෙන් වාර්තාවූූ ආසාදිතයන් සංඛ්‍යාව 04කි.

Related articles

spot_img
error: Content is protected !!