29.7 C
Galle

ගාල්ලේ බැංකු සේවිකාවකට කොරෝනා. මූලාශ්‍රයක් නෑ

Published:

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දෙද්දුගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බවත් ඇයට කොරෝනා ආසාදනය වූ ආකාරය පිළිබඳ මෙතෙක් අනාවරන්‍ය වී නොමැති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

අද (04) ලැබුණු පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල වාර්තාවලින් ඇය ආසාදිත බව තහවුරු වී තිබේ. එම කාන්තාව රත්ගම ලංකා බැංකු ශාඛාවේ සේවිකාවක් වන අතර ඇගේ සැමියා ගාල්ල කේඑෆ්සී ආයතනයේ සේවය කරයි.

මේ හේතුවෙන් එම ආයතන දෙක ද ජීවානුහරණය කිරීමට කටයුතු කරන බවත් ඔවුන් දෙදෙනාගේම සියලු ආශ්‍රිතයන් කඩිනමින් ස්වයං නිරෝධායනයට කටයුතු යොදමින් සිටින බවත් සෞඛ්‍ය නිලධාරීන් පැවසීය.

ඔවුන් දෙදෙනාගේ සේවා ස්ථානයන් හි දී ආශ්‍රිත වූවන් පිළිබඳ සොයා විමර්ශන කටයුතු කඩිනමින් ආරම්භ කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!