29.7 C
Galle

සෞඛ්‍ය සේවකයන්ට කෙළ ගැසූ පුද්ගලයා 17 දක්වා රිමාන්ඩ්

Published:

බණ්ඩාරගම අටලුගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තර්ජනය කරමින් කෙල ගැසූ බව කියන කොරෝනා ආසාදිත පුද්ගලයා දෙසැම්බර් 17 දෙක්වා රිමාන්ඩ් කරන්න යැයි නියෝග කර තිබේ.

ඔහු අද (04) ස්කයිප් තාක්ෂණය ඔස්සේ පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය විසින් මෙම නියෝගය දී තිබේ.  

මෙලෙස රිමාන්ඩ්  භාරයට පත් කරන ලද්දේ අටලුගම බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.

පසුගිය 02 දා  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම පුද්ගලයා රෝහල් ගත කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා ඔහුගේ නිවස වෙත ගිය අවස්ථාවේදී  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණ වැදී තර්ජනය කර ඔවුන් ඔහු  කැබ් රථයේ නැඟ  පිටත් වීමට සූදානම් වීමේ දී එහි දොර බලහත්කාරයෙන් විවෘත කර  සැකකරු කෙළ ගසා ඇති බවත් අධිකරණයට වාර්තා කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!