29.7 C
Galle

ගාල්ලේ කපුහෙම්පල පදිංචි වෛද්‍ය සැපයුම් අංශ සේවකයෙක් ආසාදිතයි

Published:

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කරන ගාල්ල, කපුහෙම්පල පදිංචිකරුවකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

වෛද්‍ය සැපයුම් අංශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් ඔහු කපුහෙම්පල සිටි නිවසේ නිරෝධායනය වෙමින් සිටි බවත් නිරෝධායන දින 14 අවසන් වූ පසු රැකියාවට යාමේ අවශ්‍යතාව මත කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඊයේ (04) ඔහු ආසාදිතයකු බව හඳුනාගෙන ඇති බවත් දැනගන්නට ඇත.

මෙම සෞඛ්‍ය සේවකයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර ඔහුගේ සමීපතමයන් නිරෝධායනයට යොමුකර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!