29.8 C
Galle

ගාල්ල නුගදූවේ රිය අනතුරකින් කාන්තාවක් මරුට

Published:

ගාල්ලේ නුගදූව වර්ණ සංඥා පද්ධතිය අසළ ඊයේ (04) රාත්‍රී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

අනතුරට පත්ව ඇත්තතේ ලොරි රථයක් හා කාරයකි. දෙවට ප්‍රදේශයේ සිට පැමිණ අධිවේගී මාර්ගය දෙසට ගමන් කරමින් තිබූ කාරය සහ අකුරැස්ස දෙසින් පැමිණි කුඩා ලොරියක් ගැටීමෙන් මෙමඅනතුර සිදුව ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ ලොරි රථයේ පැමිණි පැදින්නෝරුව වංචාවල පදිංචි 46 හැවිරිදි කාන්තාවකි.

රථ දෙකෙහිම රියදුරන් දෙදෙනා තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටියි. සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු ගාල්ල වරාය පොලිසිය විසින් පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!