29.8 C
Galle

ශ්‍රී ලංකා රේගුවේ 30ක් පරීක්ෂාකළ විට 13කට කොරෝනා

Published:

ශ්‍රී ලංකා රේගු මූලස්ථාන ගොඩනැගිල්ලේ පිරිසිදු කිරීමේ අංශයේ සේවක සේවිකාවන් 30 දෙනකු සඳහා කරන ලද රැපිඩ් ඇන්ජනි පරික්ෂාවකින් ඉන් 13 දෙනකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

කොරෝනා වසංගතය පැතිරීමයාම හේතුවෙන් එය රේගු මූලස්ථාන ගොඩනැගිල්ලට පැතිරයාම වැළැක්වීම සඳහා පියවර ගත් රේගු දෙපාර්තමේන්තුව එහි සිටි පිරිසිදු කිරීමේ අංශයේ සේවක සේවිකාවන් 80ක පමණ පිරිස 30ක් දක්වා අඩුකර ඔවුන් සියලු දෙනාට ම කාර්යාල ගොඩනැගිල්ල තුළම නවාතැන් ගෙන සිටින ලෙස ද උපදෙසී දී තිබිණි.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම සේවක සේවිකාවන් කිසිවෙකුත් පසුගිය මාසයක කාලයක් රේගු ගොඩනැගිල්ලෛන් පිටතට ගොස් නොමැති බැවින් ඔවුන්ට රෝගය වැළඳුණු ආකාරය පිළිබඳ යම් ගැටලු සහගත තත්ත්වයක් පවතින බවයි.

Related articles

spot_img
error: Content is protected !!