29.4 C
Galle

ගාල්ලේ PCR පරීක්ෂණ 1029ක ප්‍රතිඵල අනුව ඉදිරි පියවර තීරණය වෙයි

Published:

ගාල්ල නාගරික සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨසායේ ග්‍රාම නිලධාරී වසම් 05 කොරෝනා අවදානම් කලාප ලෙස හඳුනාගෙන එම ප්‍රදේශවල පදිංචි පිරිස් සඳහා පීසීආර් පරීක්ෂණ ඊයේ (06) සිදුකෙරිණි.

ස්ථාන හතරක දී මෙලෙස පීසීආර් පරීක්ෂණ සිදුකළ අතර එහි දී පුද්ගලයන් 1029 දෙනකුගේ ජෛව සාම්පල ලබාගත් බව සෞඛ්‍ය අංශ පැවසීය. එම පරීක්ෂවල ප්‍රතිඵල අද (07) සවස් වනවිට ලබාගත හැකිවනු ඇතැයි ද පැවසේ.

මේ වනවිට ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මිලිද්දුව, ඇත්තිලිගොඩ දකුණ, දෙද්දුගොඩ උතුර, තලාපිටිය හා මකුළුව ග්‍රාම නිලධාරී වසම්වල සීමා සහිත සංචරන සීමා යොදා ඇති අතර ඒ පිළිබඳ ඉදිරි තීරණය ගනු ලබන්නේ මෙම පරීක්ෂණ ප්‍රතිඵල අනුව බව ද සෞඛය අංශ කීවේය.

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් සිදුකළ මෙම පීසිආර් පරීක්ෂණ සඳහා අවශ්‍ය සහයෝගය ගාල්ල මූලස්ථාන පොලිසියෙන් ලබා දී තිබිණි.

(සාහිත ගම්මම්පිල)

Related articles

spot_img
error: Content is protected !!